ජාතික ආණ්ඩුව හදන්නේ රට ගොඩනගන්න බව ඇමති කිරිඇල්ල කියයි

February 4, 2019

 

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්ය භාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණිනින් බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද  උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා  ප්‍රකාශ කළේය.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙසේද කීය.

සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම, ජනතා පරමාධිපත්‍ය සුරැකීම හා අන්තවාදය පිටුදැකීම පිළිගන්නා සියළු පාර්ශවයන් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාව පිළිගන්නා සියළු පාර්ශවයන්ට මේ ජාතික ආණ්ඩුව සමග එක්විය හැකි ය.

ජාතික ආණ්ඩුව පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කරලීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව ය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හිතුමතේට තම ඇමැති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගැනීමට එදා කටයුතු කළේ ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි.

එම අත්තනෝමතික ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් අප වෙනස් කළා. ඒ අනුව ඇමැති මණ්ඩලය වැඩි කර ගන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. එලෙස අප ඇති කරන ලද ප්‍රජාතන්තවාදී ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථානුකූලව ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට පියවර ගෙන තිබෙන මේ අවස්ථාවේ කලබල වී විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් වෙතින් අප ඉල්ලා සිටින්නේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමැති මණ්ඩලය අසීමිත ලෙස වැඩිකරගත් අවස්ථාවේ තමන් කළ කී දෑ යළි සිහිපත් කර බලන ලෙස ය.

 

 

t

o

p