හිටපු අගවිනිසුරුට ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

January 23, 2019

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි නිකුත් කළේය. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්  චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථවේ මෙම නියෝගය කරනු ලැබීය.

t

o

p