අගැමති රනිල් රත්නපුරේදී ‍කොටු කර ගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරේ

January 17, 2019

සබරගමුව විශ්ව විද්‍යාලයේ අභිනව වෛද්‍ය පීඨය  විවෘත කිරීම  සඳඳහා පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ පිරිස කොටුකර රඳවා තබා ගැනීමට සබරගමුව විශ්ව වද්‍යාලයේ ශිෂ්‍යයන් සුළු පිරිසක් ගත් උත්සාහය අද (17) ව්‍යර්ථ කරනු ලැබීය.

සබරගමු සරසවි සිසුන් සුළු පිරිසක් විසින් ගත් උත්සාහයන් ව්‍යර්ථකරමින් අග‍්‍රමාත්‍යවරයා රතනපුරයේ උත්සවවලට සහභාගිවීමෙන් අනතුරුව කුරුවිට නගරයෙන් කොළඹ බලා පිටත්ව ගියේය.

රත්නපුර මහ රෝහල ශික්‍ෂණ රෝහලක් බවට පත් කිරීමේ උත්සවයට සහභාගිවීමට අග‍්‍රාමත්‍යනවරයා රගත් හෙලිකොප්ටරය රත්නපුර නගර සභා සීවලී මහජන ක‍්‍රීඩංගනයට ඊයේ උදෑසන ගොඩබානු ලැබීය.

සබරගමුව මහසමන්දේවාලයේ ආගමික උතසවවලට සහභාගිවීමෙන් අනතුරුව අගමැතිවරයා ප‍්‍රධානත්වයෙන් රත්නපුර රෝහල ශික්‍ෂ රෝශලක් බවට පත්කිරීමේ උත්සවයත් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයත් පැවත්වීමට සියළු කටයුතු සූදානම්ව තිබිණි.

රෝහලේ උත්සවය අවසන් වීමෙන් පසුව කුරුවිට දෙසට වන්නට  පිහිටි  විශ්ව විද්‍යාල උත්සවයට ගිය අග‍්‍රාමාත්‍යවරයා එම උත්සවය අවසන් වී සිසුන්ටද බාධාවක් නොවන අයුරින් කුරුවිට නගරයේ පාසල් ක‍්‍රිඩා පිටියක නතර කර තිබූ හෙලිකොප්ටර්යානයට ගොඩවීමෙන් කොළඹ බලා පිටත්ව ගියේය.

අගමැතිවරයා පිටත්ව යන අවස්ථාව්දී මාර්ග අවහිර කරමින් ඔහු තමන්ගේ ග‍්‍රහණයේ නතු කරගැනීමට සරසවි සිසුන් සුළු පිරිස රත්නපුර නගරයේ දිගටම රැඳී සිටියද ඔවුනට තම අරමුණ ඉටුකරගැනීමට අවකාශ නොලැබුණි.

t

o

p