හොඳම ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස කුමාර ධර්මසේන පිදුම් ලබයි

January 22, 2019

ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කුමාර් ධර්මසේන මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2018 වසර සඳහා වූ සම්මාන උළෙලේදී, හොඳම විනිසුරුවරයා සඳහා වන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය දිනාගෙන තිබේ.

කුමාර් ධර්මසේන මහතා ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.

සම්මානයට පාත්‍රවීමෙන් අනතුරුව අදහස් දැක්වූ කුමාර් ධර්මසේන මහතා

“මේ වසර මා හට ඉතා තෘප්තිමත් වසරක් වූ අතර ICC වෙතින් ලද මෙම සම්මානය ගෞරවයක් හා වරප්‍රසාදයක් බවයි මාගේ විශ්වාසය. මෙම සම්මානය සඳහා පළමුවරට මා දිනා ගත්තේ වසර 6 කට කලින්ය. මෙම සම්මානය මා බොහෝ සෙයින් ආදරය කරන රැකියාව දිගටම කරගෙන යාමට මා තුළ පෙලඹීමක් ඇති කරනු නොඅනුමානය.

ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම විනිසුරුවකු ලෙස මම නිතරම ආඩම්බරයට පත්වන මම මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවෙහි ඉල්ලුම සපුරාලීම සඳහා දැඩි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට බලාපොරොත්තු වනවා. මගේ ජයග්‍රහණය පිටුපස සිටින ශක්තිය වන්නේ බිරිඳ සහ මගේ දරුවන් ය.. මේ අවස්ථාවේදී මගේ පුහුණුකරු පීටර් මැනුවල් මහතාට මගේ ස්තූති කිරීමට මම කැමතියි. ICC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද මම ස්තුති කරනවා. වසර ගණනාවක් තිස්සේ මම දිරිගැන්වූ සහ සහය ලබාදුන් සැමටද මාගේ ස්තූතිය හිමිවේ.”

t

o

p