Local News

අය වැය දෙවනවර ඡන්ද විමසිම 12 දා සවස පැවැත්වේ

  අයවැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම 12 දා පස්වරු 5.00 ට පැවැත්වේ. මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 දා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය පිළිබඳ දෙවන වර කියැවිමේ විවාදය 06 වැනිදා ආරම්භ විය. ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින හයක් පැවැති අතර 12 පස්වරු Read More

ප්‍රධාන පක්ෂ දෙක එක මාර්ගයකට ගන්න ජවිපෙ ටිඑන්ඒ එක්වෙයි

ප‍්‍රධාන පක්‍ෂ දෙක එක මාර්ගයකට ගෙන ඒම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඉදිරීයේදී එක්ව වැඩ කිරීමට තිරණය කළ බව එම පක්‍ෂ දෙකේ නායකයෝ මාධ්‍යට පැවැසූහ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවෙනි ව්‍යවස්ථා සශෝධනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර 11 දා සවස Read More

කැවුමාගේ නිවසේ තිබි හෙරොයින් හා ටි 56 උණ්ඩ සොයාගනියි

ශානි පොල්ගම්පොල අපරාධ කල්ලි සාමාජික කැවුමා නැමැත්තාගේ නිවසේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන  “කැවුමා” Read More

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් අද වැඩ භාර ගනි

  බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත් අතර, මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත. මේ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම ගැන ජවිපෙ ටිඑන්ඒ සාකච්ඡා

ජනතා විමුක්ති පෙරමුණ සහ ටී.එන්.ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරු 2.00ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වි තිබේ. මෙම අවස්ථාව සඳහා ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. Read More

ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් සදහා සනාථ ලේඛනයක් ඇලවීමට පොල් අධිකාරියේ තීරණයක්

ශානි පොල්ගම්පොල වෙළඳපොලට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරික්ෂාවන්ට ලක් කර ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් සඳහා ඉදිරියේදි සනාථ ලේබලයක් ඇලවිමට කටයුතු කිරිමට පොල් සංවර්ධන අධිකාරිය තිරණය කර තිබේ. පොල්තෙල් කර්මාන්තය නියාමනය කිරිම පොල් සංවර්ධන අධිකාරිය මගින් කරනු ලබයි. ඇතැම් ජවාරම්කරුවන් ආගමික සිද්ධාස්තාන වලින් ඉවත් කරන දින ගණන් පැරණි අපිරිසිදු පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවත් එය Read More

මාකොල ඝාතනයේ ප්‍රධාන සැකකරුට නවගමුවේදි වෙඩි තබා මරලා

ශානි පොල්ගම්පොල මාකොළ මන්නා ඝාතනයේ ප්‍රධාන සැකකරුව වෙඩි තබා මරා දමා තිබියදි නවගමුව පොලිසිය අද (11) උදෑසන සොයා ගෙන තිබේ. කැළණිය ,ගෝනවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි තිස්හත් හැවිරිදි විරසිංහ ආරච්චිලාගේ චමිල ප්‍රසාද් කරුණාරත්න නැමැති පුද්ගලයෙකුව මෙසේ ඝාතනය කර තිබුණි. කඩුවෙල,ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක් අසල මළ සිරුරක් ඇති බවට නවගමුව පොලිසිය අද උදෑසන පරික්ෂණ ඇරඹිය.එහිදි මළ සිරුර Read More

නාවික හමුදාව මන්නාරමෙන් බීඩි කොල අල්ලයි

මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත. උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබල මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්   07 දා එම ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි මෙය හමුව ඇත. මෙම බීඩී කොළ පාර්සල් 10 ක බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට Read More

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනිමට පොලිසිය සමග සාකච්ඡා කරනවා – ඇමති මාරපන

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රීලංකා පොලිසිය අතර සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පොලිසියට අවශ්‍ය කරන තොරතුරු විශාල ප්‍රමාණයක් අමාත්‍යාංශය මගින් ලබාදී ඇති බව ඒහරහා අන්තර්ජාතික පොලිසියට රතු නිවේදන දෙකක් යවා ඇති බවද අමාත්‍යවරයා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද Read More

ජිනිවා යෝජනා අවසන් මොහොතේ දෙන්න ආණ්ඩුව තීරණය කරයි

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදි අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන අවසන් මොහොතේදි තීරණය කිරිමට රජය අදහස් කර සිටියි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරය මාර්තු මස 22 දා සහ 23 දා ජිනිවා නුවරදි පැවැත්විමට නියමිතය. ජනිවා හි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයින් ලෙස Read More

t

o

p