ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් සදහා සනාථ ලේඛනයක් ඇලවීමට පොල් අධිකාරියේ තීරණයක්

March 11, 2019

ශානි පොල්ගම්පොල

වෙළඳපොලට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරික්ෂාවන්ට ලක් කර ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් සඳහා ඉදිරියේදි සනාථ ලේබලයක් ඇලවිමට කටයුතු කිරිමට පොල් සංවර්ධන අධිකාරිය තිරණය කර තිබේ.

පොල්තෙල් කර්මාන්තය නියාමනය කිරිම පොල් සංවර්ධන අධිකාරිය මගින් කරනු ලබයි.

ඇතැම් ජවාරම්කරුවන් ආගමික සිද්ධාස්තාන වලින් ඉවත් කරන දින ගණන් පැරණි අපිරිසිදු පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවත් එය වැලැක්විමට මෙලෙස ඉදිරියේදි ලේබලයක් ඇලවිමට පියවර ගන්නා බව පොල් අදිකාරියේ සබාපති එච්.කේ.උදය රූපසිංහ මහතා පවසයි.

එමෙන්ම අපිරිසිදු පොල් වලින් තෙල් නිෂ්පාදනය කරන්නවුන්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවද හෙතෙම පැවසිය.මේ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් එවැනි පුද්ගලයින්, එවැනි ස්තාන පිලිබඳ පොල් සංවර්ධන අදිකාරියේ වැටලිම් අංශයේ 011-25025001/3 දක්වා ඇති දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසත් දන්වා සිටියි.

t

o

p