විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම ගැන ජවිපෙ ටිඑන්ඒ සාකච්ඡා

March 11, 2019

ජනතා විමුක්ති පෙරමුණ සහ ටී.එන්.ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරු 2.00ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වි තිබේ.

මෙම අවස්ථාව සඳහා ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්තන් යන මහත්වරුන් සහභාගිවූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන අය සහභාගි විය.

JVP + TNA 1 LNP JVP + TNA 2 LNP

JVP + TNA 3 LNP

 

t

o

p