අය වැය දෙවනවර ඡන්ද විමසිම 12 දා සවස පැවැත්වේ

March 11, 2019

 

අයවැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම 12 දා පස්වරු 5.00 ට පැවැත්වේ.
මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 දා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය පිළිබඳ දෙවන වර කියැවිමේ විවාදය 06 වැනිදා ආරම්භ විය.
ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින හයක් පැවැති අතර 12 පස්වරු 5.00 ට ඡුන්ද විමසීම පැවැත්වීමට නියමිත වේ.
අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 13 දා සිට පැවැත්වීමට නියමිත අතර එම විවාදය අපේ‍්‍රල් 05 වැනිදා දක්වා පුරා දින 19ක් පැවැත්වීමට නියමිත වේ. අයවැය තෙවනවර කියැවීමේ විවාදයෙන් පසුව අපේ‍්‍රල් පස්වැනිදා පස්වරු 5.00 ට අවසන්වර ඡන්ද විමසීම පැවැත්වේ.
අයවැය තෙවනවර කියැවීමේ විවාදය ආරම්භ වන 13 දිනයේදී ජනාධිපති, අගමැති ,උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව , පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්කොශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව , ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නීර්ණ කොමිෂන් සභාව ඇතුළු විෂයයන් විසිපහක් පිළිබඳ විවාදය හෙට පැවැත්වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය 13 දා පරාජය කරන බව එජාප පසුපෙළ මන්ත‍්‍රීවරුන් පවසා ඇත.

t

o

p