ප්‍රධාන පක්ෂ දෙක එක මාර්ගයකට ගන්න ජවිපෙ ටිඑන්ඒ එක්වෙයි

March 11, 2019

ප‍්‍රධාන පක්‍ෂ දෙක එක මාර්ගයකට ගෙන ඒම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඉදිරීයේදී එක්ව වැඩ කිරීමට තිරණය කළ බව එම පක්‍ෂ දෙකේ නායකයෝ මාධ්‍යට පැවැසූහ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවෙනි ව්‍යවස්ථා සශෝධනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර 11 දා සවස බත්තරමුල්ල ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡුාවෙන් අනතුරුව අනුර කුමාර දිසානායක සහ ආර්. සම්බන්ධන් යන මහත්වරු මාධ්‍යට අදහස් දැක්වූහ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ඉදිරිපත්කර ඇති විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුව විසින් තීරණය නොකර එක්කෝටි පනස් ලක්‍ෂයක ජනතාවට එම තීරණය ගැනීම භාර කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා කීවේය.
‘ මේ විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ බරාද කරනවානමි ඒ කරන්නේ ජනතාවට බියෙන්. එම නිසා මන්ත‍්‍රීවරුන් දෙසිය විසි පස් දෙනා මෙය තීරණය නොකර ජනමත විචාරනයකට අවස්ථාව දිය යුතුයි. අපි අද දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටියේත් එයයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ තමයි ඔවුන් ඉන්නේත්. සියලූම ජන කොටස් බලයට හවුල් කරගත යුතුයි. ඒ ගැනත් අපි සාකච්ඡුා කළා. අද රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයන් දෙකම පිරිහිලා. මේ රට එක අගලක්වත් ඉදිරියට ගෙන යන්න ඔවුන්ට බැහැ. රටත් රටේ ජනතාවගේ උන්නතියත් වෙනුවෙන් අපටත් දෙමළ ජාතික සන්ධානයටත් එක්ව වැඩකළ හැකි ක්‍ෂේත‍්‍රවල එක්ව වැඩ කිරීමේ ස්ථාවරයකට අපේ පක්‍ෂ දෙක අද පැමිණියා’. යැයිද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සමිබන්ධන් මහතා මෙසේ කීය.
‘අපි අද ජවිපෙ සමග කරුණු ගනනාවක් ගැන කතා කළා. රටේ අද තත්ත්වය සහ ඉදිරියේදී වෙන දේ ගැන කතා කළා. අපි සහ ජවිපෙ එකට එකතුවෙලා රටත් ජනතාවත් වෙනුවෙන් වැඩ කළ හැකි ආකාරය ගැන කතා කළා. අපේ පක්‍ෂය ළගදී ජනාධිපති සහ අගමැති හමුවී බලය බෙදිම ගැන කතා කළා. ඒ සාකච්ඡුාවලදී සිදුවූ දේ ගැනත් ජවිපෙ සහෝදරවරුන්ට අපි කිව්වා. රටේ ලොකු පක්‍ෂ දෙක හරි මාර්ගයට ගේන්න ඕනේ. ඒ ස`දහා අපි ජවිපෙ සමග රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කරනවා…’

 

t

o

p