කැවුමාගේ නිවසේ තිබි හෙරොයින් හා ටි 56 උණ්ඩ සොයාගනියි

March 11, 2019

ශානි පොල්ගම්පොල

අපරාධ කල්ලි සාමාජික කැවුමා නැමැත්තාගේ නිවසේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන  “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් බවට සැලකෙයි.

එහිදී ටී.56 උණ්ඩ 5000 කට අධික තොගයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදු කරයි.

t

o

p