වතු කම්කරු වැටුප රුපියල් 50 කින් වැඩි කිරිමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

March 11, 2019

වතු කම්කරුවන්ගේ වැටුප රු 50 කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රය අමාත්‍ය මණ්ඩලයට ඉදිරි සතියේදී යොමු කරන බව වැවිලි කර්මානත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හිදී අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය තිගාම්බරම් මහතාගේ දැඩි ඉල්ලීම මත අය වැයෙන් පොරොන්දු වූ පරිදි රු 50 තේ මණ්ඩලයේ ප්‍රතිපාදනවලින් සහ මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන වතු කම්කරුවන්ට ලබාදෙන බවයි.

මෙහිදී අදහස් දැක්වූ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය  පලනි තිගාම්බරම් මහතා තමන් පොරොන්දු වූ පරිදි අනිවාර්යයෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප රු 50 කින් වැඩි කරන බවකියා සිටියේය.

අයවැය කථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ බව කියා සිටි බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, නුවරඑළි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මනත්‍රීවරයාද එක්වී සිටියහ.

t

o

p