කැවුමාගේ කුලී නිවසේ තිබී හෙරොයින් හා ආයුධ සමග මධූෂ්ගේ පියාගේ අවමගුලේ සිටි තැටි ද සොයා ගනි

March 12, 2019

දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු වු කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ කුලි නිවසේ තිබි හෙරොයින් හා ආයුධ වලට අමතරව මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය දර්ශන ඇතුලත් සි.ඩි තැටියක් සොයා ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින්  ඊයේ (11) දින මොරටුව,සොයිසා පාරේ පිහිටි දෙමහල් නිවසක් පරික්ෂා කල අවස්ථාවේ එහි තිබි හෙරොයින් කිලෝ 150 කට වැඩි ප්‍රමාණයක් හා ආයුධ,ජිව උණ්ඩ ඇතුලු දේපල රැසක් සොයා ගනු ලැබුණි.එමෙන්ම එහි සිටි කැවුමාගේ ගෝලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනුණි.

මාසිකව රුපියල් පනස් දහසක් ගෙවිමට කුලි පදනම මත ලබාගෙන තිබු මෙම නිවස හෙරොයින් හා ආයුධ සඟවා තබන්නට භාවිතා කර ඇති බව මේ වනවිට තොරතුරු හෙලිව තිබේ.මේ අතර අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරික්ෂාවට ලක් කල අතර එහිදි අනාවරණය වුයේ මෙහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 177 ක් හා මිලිග්‍රෑම් 464 ක් ඇති බවය.

Kauma 2

 

t

o

p