නාවික හමුදාව මන්නාරමෙන් බීඩි කොල අල්ලයි

March 11, 2019

මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබල මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්   07 දා එම ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි මෙය හමුව ඇත.

මෙම බීඩී කොළ පාර්සල් 10 ක බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලද බවට සැක පළ කෙරේ.

එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දෙන ලදි.

Navy

t

o

p