අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනිමට පොලිසිය සමග සාකච්ඡා කරනවා – ඇමති මාරපන

March 7, 2019

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රීලංකා පොලිසිය අතර සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොලිසියට අවශ්‍ය කරන තොරතුරු විශාල ප්‍රමාණයක් අමාත්‍යාංශය මගින් ලබාදී ඇති බව ඒහරහා අන්තර්ජාතික පොලිසියට රතු නිවේදන දෙකක් යවා ඇති බවද අමාත්‍යවරයා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා  පාර්ලිමේන්තුවේදී අද (07) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එමෙන්ම ශ්‍රීලංකා දුත මණ්ඩල නියෝජිතයන් ලෙස මේවනවිට විදේශයන්හි සිටින පිරිස 256 ක් පමණ වන බවත් ඉන් පුද්ගලයින් 02 කු ද්විත්වපුරවැසිභාවය ලබා සිටින බවද විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

මෙලෙස ද්විත්වපුරවැසිභාවය ලබාසිටින දෙදෙනා අතරින් එක් අයෙක් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාඇති අතර ඔහු නෝර්වේ ශ්‍රීලංකා තානාපති කාර්යාපලයේ සේවයේ නිරතව සිටින බවත් අනෙක් පුද්ගලයා එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබාඇති අතර ඔහු එක්සත් රාජධානියේ ශ්‍රීලංකා තානාපතිකාර්යාලයේම සේවය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් ශ්‍රීලංකාවෙ රාජත්‍රාන්ත්‍රික සේවයට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ගේ පුරවැසිභාවය සහිත රටේම ශ්‍රීලංකා ධුතයින් ලෙස කටයුතු කරන්නේනම් ඔවුන්ගේ වැඩිකැමැත්ත තිබෙන්නේ කුමන රටට සේවය කිරිමටද  කියන ගැටලුව තිබෙනවා. මේනිසා ප්‍රශ්න කිහිපයක් කිහිපයක් ඇතිව තිබෙනවා.  ඒවගේම ඔවුන්ගෙන් සිදුවන වැරදි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ප්‍රශ්නයක් තිබෙනවා.

එයට පිළිතුරු ලබාදෙමින් තිලක් මාරපන අමාත්‍යවරයා මෙසේද කීවේය.

සුදුසුකම් තිබෙන පුද්ගලයින් ද්විත්වපුරවැසිභාවය ලබාගැනීම නිසාම තනතුරු නොදී සිටිනවානම් එය අසාධාරණ තත්වයක්. ඔවුන්ට අනිකුත් සුදුසුකම් තිබෙනවානම් තනතුරුවලට පත්කිරීමේදී යම් කිසිඅගතියක් වෙනවාද කියන කාරණයයි අපි සොයාබැලිය යුත්තේ යැයි පැවසීය .

 

 

t

o

p