ජිනිවා යෝජනා අවසන් මොහොතේ දෙන්න ආණ්ඩුව තීරණය කරයි

March 7, 2019

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදි අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන අවසන් මොහොතේදි තීරණය කිරිමට රජය අදහස් කර සිටියි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරය මාර්තු මස 22 දා සහ 23 දා ජිනිවා නුවරදි පැවැත්විමට නියමිතය.
ජනිවා හි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම යන මහත්වරුන් හා උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා සහභාගී වන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට කල් ගැනිම සඳහා වන ඉල්ලීම මේ වන විටත් මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කිරිමට ශ්‍රී ලංකාව පියවර ගෙන පවතියි.
ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගන්න ස්ථාවරය තීරණය කරන්නේ අවසන් මොහොතේ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

t

o

p