අය වැය සම්මත වී ජනාධිපති වැය ශිර්ෂය පරාජය වුවත් අඩු වන්නේ රුපියල් 10 යි

March 7, 2019

අය වැය කාරක සභා විවාදයේදි ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළහොත් සිදුවන්නේ ඒ සඳහා වෙන් කර තිබෙන සමස්ත මුදලින් රුපියල් 10 ක් අඩුවීම පමණකැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාල වියදම්වලට අදාළ වැය ශිර්ෂය පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබුනි.
කොළඹඅරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ද ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කෙරුනි.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉහත අදහස් පළ වුවද රැස්වීමේ මුලසුන හෙබවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කණ්ඩායම් රැස්වීමේදි ප්‍රකාශ කළේ අය වැය පාර්ලිමේන්තුවේ සම්මත කිරිමට ආණ්ඩු පක්ෂය ක්‍රියා කරන බවය.
අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය විපක්ෂයට අදාළ පාර්ලිමේන්තු කටයුත්තක් ලෙස සම්ප්‍රදායානුකූලව සලකන අතර ඒ ඒ කාරක සභා වැය ශිර්ෂය සම්බන්ධ වියදමෙන් රුපියල් 10 ක් කපා හැරිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරු සාම්ප්‍රදායානුකඣලව යෝජනා කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන හා ස්ථාවර නියෝග අනුව අය වැය කාරක සභා අවස්ථාවේ කිසියම් වැය ශිර්ෂයක් පරාජයට පත්වුවහොත් සිදුවන්නේ වෙන් කර තිබෙන සමස්ත වියදමින් රුපියල් 10 ක් අඩුවිම පමණකැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සමස්ත අය වැය සම්මත වී වැය ශිර්ෂයක් පමණක් පරාජය වූ පමණින් ඒ වැය ශිර්ෂයේ මුදල් අහිමි නොවන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය. මන්ද ඔවුන් අඩු කිරිමට යේජනා කරන්නේ රුපියල් 10 ක් මිස සමස්ත වැය ශිර්ෂයම නොවන බැවිනි.

t

o

p