අගමැති සරම අදින තැන් හා නොඅදින තැන් ගැන කියයි

March 7, 2019

සරම ඇදීමයි, පන්සල් යාමයි, දරුව්නට ආදරය කිරිමයි පෙන්විම ගැන තමා සමාජ මාධයයට ස්තුති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදි ප්‍රකාශ කළේය.

ඒ බ්‍රහස්පතින්දා (07) මැතිඇමතිවරු හමුවී කළ සුහද සාකච්ඡාවකදීය. මැතිඇමතිවරුන්ගේ අදහස්වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ කීය.

“ අගමැතිතුමා තිරුපති ගිහිල්ලා තරාදියක වාඩි වෙලා ඉන්න හොද ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දැක්කා. බර බැලන්ස් කරන්න තරාදියේ අනිත් පැත්තට දාලා තිබුනේ රන් රිදී මුතු මැණික් කියලත් ප්‍රචාරයක් යනවා. නවීන් දිසානායක ඇසුවේ කාගේත් මුවගට මද සිනහවක් නගමිනි.

“මගේ බරට රත්‍රං දෙන්න මම එච්චර පොහොසෙතෙක් නෙවේ. අපේ රටේ පරණ හා අළුත් කාසි වර්ග ,හාල්, හකුරු ,සූකිරි ඇතුළු කෑම වර්ගයි දැම්මේ.” අගමැතිවරයා පිළතුරු දුන්නේද මද සිනහවක් සමගිනි.

“පොහොට්ටුවේ අය උපහාසෙට වගේ අගමැතිතුමාගේ තරාදි ෆොටෝ එක දානවත් එක්කම මහින්ද ඒ තරාදියේම වාඩි වෙලා ඉන්න ෆොටෝත් ෆේස් බුක් එකේ එන්න පටන් ගත්තා” රංජිත් අළු විහාරේ ඊට තවත් යමක් එකතු කලේය.

“ සමහරු හිතන් ඉන්නේ මම සරම් අදින්නේ නෑ මට සරම් අදින්න දන්නේ නෑ කියලයි මම ඒකත් ඇදල පෙන්නුවා. ඒ ඉන්දියාවේ ඇදුම සරම නිසයි. ඒත එංගලන්තෙදි මම සරම අදින්නේ නෑ. මම ෆේස් බුක් එකට ස්තූති කරනවා මගේ සරම් ඇදීමයි පන්සල් යාමයි දරුවන්ට ආදරේ කිරීමයි පෙන්නන එකට.තව මට මොනවද කරන්න කියන්නේ.” අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.

Ranil-visit-tempal

z_p01-Prime-Minister-Ranil-W

Ranil Thirupathi

t

o

p