Local News

පාර්ලිමේන්තු කටයුතු අද පැය එකහමාරයි

‍ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් සභාවේ කටයුතු අද (06) පැය එකහමාරකට සීමා විය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් කෙටුම්පත ගැටලුසහගත බවට මූලාසනයේ අවධානය යොමු කිරීමත් සමග සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම කෙටුම්පත ඉල්ලා අස්කර ගත්තේය. අනතුරුව සභානායකවරයා ප්‍රකාශ කලේ එහි ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අද Read More

මහින්ද රාජපක්ෂ දෙමළ පක්ෂ ද ඇතුළුව පක්ෂ නායකයෝ හමුවෙති

විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ. අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවයි.  දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයින් සමාජවාදි ජනතා පෙරමුණේ සාමාජිකයින් සමඟ එක්ව Read More

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් පරික්ෂාව 15 දා සිට

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. පාසල් 39 කදී ඇගයීම් මණ්ඩල 436 යටතේ පැවැත්වෙන මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිතය. ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීමට යෝජිත පාසල් නාම ලේඛනය පහතින් දැක්වෙයි.

කෙරවළපිටිය කසළ අංගනය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතයි

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කසළ අංගනය වහාම ක‍්‍රියාත්මකවන පරිදි නැවැත්වීමට කටයුතු කෙරෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අප අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද සිට Read More

මෙවර උසස්පෙළට වාඩි වූ ජීව විද්‍යා සිසුන්ට බරපතළ අසාධාරණයක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පළමුවරට පෙනී සිටින ජීව විද්‍යා විෂය හැදෑරූ සිසුන් බරපතල අසාධාරණයකට ලක්වී ඇති බව 05 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙළි කෙරින.  එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා තවදුරටත් ප‍්‍රකාශකොට සිටියේ 2017 වසරේ නව නිර්දේශය යටතේ උසස් පෙළ අධ්‍යාපනයට එකතුවූ සිසුන් සඳහා උසස්පෙළ ජීව Read More

පාස්කු ප්‍රහාර කමිටුව හමුවේ හෙට අගමැති, සාගල, රංජිත් හා රුවන් සාක්කි දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට(06) යළි රැස්වීමට නියමිතය. හෙට පස්වරු 02.00ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ වන අතර එදින සාක්ෂි  විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් කැඳවා ඇති බව කාරක සභා ප්‍රකාශකවරයෙකු සඳහන් කළේය. එම Read More

නව සන්ධානය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති මාලාවක් – අගමැති

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කර ගෙනයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානය පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙසේ ද කීය. 2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර Read More

වැල්ලවත්ත ගැටුම ගැන සොයන්න සි සි ඩි යට බාර දෙයි

වැල්ලවත්ත මයුර ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර සිදුවු ගැටුම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ. වැල්ලවත්ත ලක්මුතු සෙවණ නිවාස සංකීරණයේ පිරිසක් සහ පුද්ගලයින් කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර ඊයේ(04) රාත්‍රි ගැටමක් හටගෙන තිබුණි. පුද්ගලයන් 150 දෙනෙකු පමණ ගැටුමට සම්බන්ධ වී ඇති අතර  පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබුණි. සිද්ධියෙන් 09 දෙනෙකු තුවාල Read More

පළාත් තුනකට යළි ආණ්ඩුකාරවරු දිවුරති

පළාත් තුනක් සඳහා අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න මහතාට හා කීර්ති තෙන්නකෝන් මහතා මෙන්ම හේමාල් ගුණසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස දිවුරුම් දී තිබේ. නව දිවුරුම් දීම අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද, ඌව පළාත් Read More

අගමැති මැදිහත් වීමෙන් එජාප සන්ධානය පිහිටුවීමේ ගැටලුව විසදේ

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් අරඹන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවිමට අදාළ අවසන් එකඟතාවය ඇති කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ජාවක් පවත්වනු ලැබීය. නව සන්ධානය පිහිටු වීම සඳහා දැනට පැන නැගී ඇති ගැටළු නිරාකරණය කරගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් Read More

t

o

p