අගමැති මැදිහත් වීමෙන් එජාප සන්ධානය පිහිටුවීමේ ගැටලුව විසදේ

August 5, 2019

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් අරඹන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවිමට අදාළ අවසන් එකඟතාවය ඇති කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ජාවක් පවත්වනු ලැබීය.

නව සන්ධානය පිහිටු වීම සඳහා දැනට පැන නැගී ඇති ගැටළු නිරාකරණය කරගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දින කීපයේදී සන්ධානය පිහිටුවීමට හැකි වනු ඇතැයි සභා නායක රාජ්‍ය ව්‍යවසාය සහ කන්ද උඩරට උරුමය අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජාතික පෙරමුණු නායකයෝ පෙරේදා (3) අග්‍රාමාත්‍යවරයාගෙන්  විශේෂ ඉල්ලීම කරනු ලැබීය. එක්සත් ජාතික පෙරමුණු නායකයන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර සාකච්ජාව පැවැත්විණි.

එම සාකච්ජාවේ ප්‍රතිඵල ලෙස ගැටළු නිරාකරණය කරගෙන නව සන්ධානය පිහිටුවන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p