පොදු ජන පෙරමුණේ ගෙයින් ගෙට යාමේ වැඩසටහන

August 5, 2019

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ E-Canvassing වැඩසටහන 03 දා දිවයින පුරා ක‍්‍රියාත්මක කෙරිණ. මෙරට දේශපාලන පක්‍ෂයක් නවීන තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමිින් ගෙන් ගෙට ගොස් දේශපාලන ප‍්‍රචාරක කටයුතු වල නිරත වූ ප‍්‍රථම අවස්ථාව මෙයවේ.

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප‍්‍රදේශයේදී මෙම වැඩසටහනට එක්විය.

මෙහිදී එක් නිවසකට ගිය ප‍්‍රසන්න රණතුංග මහතාට එම නිවැසියන් කීවේ අපේක්‍ෂකයා ගෝඨා නම් මෙවර තමන්ගේ සහය පොහොට්ටුවට බවය තමන් පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට සහාය දුන් බව පැවසූ ඔහු දැන්නම් මට මේ ආණ්ඩුව තිත්තවෙලා යැයි කීවේය.

ගෙන් ගෙට යාම අතරතුර මාඨ්‍යවේදීන් ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් නොකර මෙවැනි ගෙන් ගෙට යාමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කලේ ඇයිදැයි ප‍්‍රශ්ණ කලේය.

රණතුංග මහතා කීවේ අපි මේ ගමනේදී අපේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන් වියයුතු  දැයි ජනතා මතය විමසන බවයි‘‘ ජනතාවගේ මතය අපි පක්‍ෂයට දැනුම්දෙනවා එතකොට 11 වෙනිදා පක්‍ෂ සමුළුවේදී ජනතාව ඉල්ලන කෙනා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කරාවි’’ රණතුංග මහතා කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය අද බරපතල අර්බුදයකට ලක්ව ඇති බව පැවසූ රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා ඇත්තේ අන්තෝජටා බහිජටා තත්වයකට බවද කීවේය. එක්සත් ජාතික පක්‍ෂයට ආර්්‍යාවක් ඇතත් ජනාධිපති අපේක්‍ෂකයෙකු නැති බව පැවසු රණතුංග මහතා පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කළවිට රටේ ජනතාවගේ ජනතා පිබිදීමක් ඇතිවන බවත් එක්සත් ජාතික පක්‍ෂයට යනඑන මං නැතිව යන බවත් අවධාරණය කළේය.

t

o

p