පළාත් තුනකට යළි ආණ්ඩුකාරවරු දිවුරති

August 5, 2019

පළාත් තුනක් සඳහා අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න මහතාට හා කීර්ති තෙන්නකෝන් මහතා මෙන්ම හේමාල් ගුණසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස දිවුරුම් දී තිබේ.

නව දිවුරුම් දීම අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට හේමාල් ගුණසේකර මහතා පත්ව ඇත.

කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටි අතර, ඔහු ඊයේ(04) දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද සිය ධුරයෙන් පෙරේදා(03) ඉල්ලා අස්විය.

t

o

p