වැල්ලවත්ත ගැටුම ගැන සොයන්න සි සි ඩි යට බාර දෙයි

August 5, 2019

වැල්ලවත්ත මයුර ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර සිදුවු ගැටුම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

වැල්ලවත්ත ලක්මුතු සෙවණ නිවාස සංකීරණයේ පිරිසක් සහ පුද්ගලයින් කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර ඊයේ(04) රාත්‍රි ගැටමක් හටගෙන තිබුණි.

පුද්ගලයන් 150 දෙනෙකු පමණ ගැටුමට සම්බන්ධ වී ඇති අතර  පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබුණි.

සිද්ධියෙන් 09 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට සහ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

ගැටුම අතරතුර තුවාල ලැබු වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුද කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් ත්‍රිරෝද රථ 07කට, මෝටර් රථයකට සහ යතුරු පැදියකටද අලාභ හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගැටුමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 

t

o

p