පාර්ලිමේන්තු කටයුතු අද පැය එකහමාරයි

August 6, 2019

‍ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් සභාවේ කටයුතු අද (06) පැය එකහමාරකට සීමා විය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් කෙටුම්පත ගැටලුසහගත බවට මූලාසනයේ අවධානය යොමු කිරීමත් සමග සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම කෙටුම්පත ඉල්ලා අස්කර ගත්තේය.


අනතුරුව සභානායකවරයා ප්‍රකාශ කලේ එහි ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අද පෙරවරුවේ නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.


ඒ අනුව ඊට අදාල විවාදය නොපවත්වා අද පස්වරු 2.30 ට පමණ සභාවේ කටයුතු අවසන් කිරීමට කතානායකවරයා පියවර ගත්තේය.


ඒ අනුව යලි පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 ට රැස්වේ.

t

o

p