මෙවර උසස්පෙළට වාඩි වූ ජීව විද්‍යා සිසුන්ට බරපතළ අසාධාරණයක්

August 6, 2019


මෙවර උසස් පෙළ විභාගය සඳහා පළමුවරට පෙනී සිටින ජීව විද්‍යා විෂය හැදෑරූ සිසුන් බරපතල අසාධාරණයකට ලක්වී ඇති බව 05 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙළි කෙරින. 

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා තවදුරටත් ප‍්‍රකාශකොට සිටියේ 2017 වසරේ නව නිර්දේශය යටතේ උසස් පෙළ අධ්‍යාපනයට එකතුවූ සිසුන් සඳහා උසස්පෙළ ජීව විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට පෙනී හිටපු අද දවස වන විටවත් ඔවුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ලබා දෙන්න මේ ආණ්ඩුව අසමත් බවයි.

ඒ අනුව 2016 දෙසැම්බර් අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ ලියූ සිසුන් 2017 අපේ‍්‍රල් මැයි වන විට උසස් පෙළ පන්තිවලට පැමිණුනා. ඔවුන්ට නව විෂය නිර්දේශ කි‍්‍රයාත්මක වෙන බව 20015 දී ආණ්ඩුව දැනුම්දී තිබුණා. නමුත් 2015 සිම 2017 වෙනකන් විෂයනිර්දේශ ආණ්ඩුවෙන් සකස්කළේ නෑ. ලබා දී තිබුණේ විෂය ඒකක 10 ක මාතෘකා පමණයි. මෙම සිසුන්් උසස් පෙළ විභාගය සඳහා එන වෙලාව වෙනකොටත් උප මාතෘකා සකස් කරල තිබුනේ නෑ. විෂය සීමාවන් සකස් කරල තිබුනේ නෑ. ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහ සකස්කරල තිබ්නේ නෑ. මේ කිසිවක් නැතුවයි උසස් පෙළ පන්ති ආරම්භ කළේ. 

ඉන් පසුව ජාතික අධ්‍යාපන ආයතනය ඉංගී‍්‍රසි මාධ්‍යායන්  හදාරණ  සිසුන් සඳහා පමණක් වරින් වර ඒකකය බැගින් නිකුත් කිරීම ආරම්භ කළා. 2019 වසරේ අගෝස්තු උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 2018 දෙසැම්බර් වන විටත් ඒකක 10 න් 5 යි ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉදිරිපත් කර තිබුණේ. 2019 ජනවාරි වල තව එකක් නිකුත් කළා. ඒ අනුව ඒකක 6යි ඉංගී‍්‍රසි භාෂාවෙන් නිකුත් කරල තිබුණේ. සිංහල සහ දෙමළ මාධ්‍යයන් සඳහා විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහ කිසිම දෙයක් නිකුත් කර තිබුනේ නෑ. මාතෘකා විතරයි ලබාදීල තිබුනේ.

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලබාදුන් ඒවත් විශාල ගැටළු ගණනාවක් ඇති කළා. හදිස්සියේම එක ඒකකයක් අන්තරජාලයට දානවා. ඒක ටික දවසකින් ඉවත් කරනවා. ඊට පස්සේ අලූතෙන් වෙනස් කරල ඒ ඒකකයම අන්තර්ජාලයට දානවා. ඔය විදහට සමහර එ්කක 6වරක් පමණ වෙනස් කළා. නමුත් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් හදාරන සිසුන් සඳහා මේ විදිහටවත් විෂය නිර්දේශ ලැබුනේ නෑ. දෙමල මාධ්‍යයෙන් හදාරන සිසුන් සඳහා ජාතික අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ නිලධාාරියෙක් ඉංගී‍්‍රසා මාධ්‍යයෙන් අත්තර්ජාලයට දාන විෂය නිර්දේශ තමිල් භාෂාවට පරිවර්තනය කර නිකුත් කරල තිබුනා.

නමුත් ඒවා නිල පරිවර්තනයක් නේවේ. ඒවායේ විශාල අඩුපාඩුකම් දෝෂ තිබෙනවා. සිංහල මධ්‍ය සිසුන්ට එවැනි දෙයක්වත් තිබුනේ නෑ. 2017 අවුරුද්දේ  උසස්පෙළ අධ්‍යාපනය ආරම්භ කළ සිසුන්ට එම වර්ෂයේ එක ඒකකයක්වත් ලැබී තිබුණේ නෑ. 2018 අවුරුද්ද ඇතුලේ ලැබුණෙත් එකම එකයි. 2018 දෙසැම්බර් වෙද්දී ඒකක 10න් එක ඒකකයකයි විෂය නිරදේශ ලැබී තිබුණේ. ගුරු මාර්ගෝපදෙශ සංග‍්‍රහ තිබුණේ, සම්පත් පොත් ලැබිල තිබුණේ. ඒ වෙනකොටත් marking scheme ලැබිල තිබුණේ නෑ. 2019 ජනවාරි වෙද්දී ලැබිල තිබුණේ තුන්වන ඒකකය විතරයි. 2019 මැයි දෙවනිිදා 01, 02, 04 කියන ඒකක ලැබුණා. 2019 මැයි 31 වනදා 05වන ඒකකයේ 01 කොටසක් ලැබුණා. ඒ කියන්නේ 12 වසරේ උගන්වන කොටස.

2019 ජූනි මාසයේ 28වැනිදා 08, සහ 09 ඒකක ලැබුණා. 2019 ජූලි මාසේ 02දා 06 සහ 07 ඒකක ලැබුණා. 20196 ජූලි මාසේ 5වනදා 05වන ඒකකයේ 13වන ශ්‍රේණියට අදාල කොටස ලැබුණා. ගෝස්තු මාසේ 05වනදා විභාගයට පෙනී සිටින සිසුන් සදාහා 10වන ඒකකය ලැබුනේම නෑ. මේ අගොස්තු මාසේ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 2019 මැයි 02දායින් පස්සේ තමයි ඉතුරු ඒ්කක 08ක් ලැබිල තිබෙන්නේ. දැන් සේ සිසුන් කොහොමද විභාය ලියන්නේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ පළමු වාරයේදී විෂ්‍ය නිර්දේශය අවසන් කරනවා. ඉන් පසුව මැයි මාසයේදී පුණරීක්ෂණ ආරම්භ කරනවා. 2019 අපේ‍්‍රල් මාසේ  08වැනිදා නිකුත් කරපු 23/2019 කියන චක‍්‍රලේඛයෙන් අධ්‍යාපන ඇමතිවරයා දැනුම්දීල තිබෙනවා මෙවර උසස්පෙළ විභාගයට 10ව න ඒකකයෙන් ප‍්‍රශ්න එන්නේ නෑ කියලා.

10වන ඒකකයෙන් ප‍්‍රශ්න එන්නේ නැති වුනත් 2019 මැයි 02න් පස්සේ ලැබුණු ඉතුරු ඒකක 8න් ප‍්‍රශ්න දුන්නට පස්සේ මේ ළමයි ලියන්නේ කොටෙහාමද? එනිසා  අපි කියා සිටිනවා අසාධාරණයට පත් සිසුන්ට සාධාරණය ඉටුකරන්න කියලා.

t

o

p