රාවණා වන් චන්ද්‍රිකාවෙන් ලබා ගත් පළමු ඡයාරූප නිකුත් වේ

August 5, 2019

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ විසින් නිපදවනු ලැබූ “රාවණා වන්” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප මේ වන විට නිකුත් වී තිබේ.

ප‍්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර දහසක් පමණ වන අතර එහි බර කිලෝග‍්‍රෑම් 1 යි දශම 1ක් වූ මෙම චන්ද්‍රිකාව ඉකුත් ජුනි මස 17 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කරන ලදි. 

ශී‍්‍ර ලංකාව හා ඊට ආසන්න කලාපයේ ඡායාරූප ලබාගැනීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබද අධ්‍යයනය කිරීම ‘‘රාවණා – වන් ’’ චන්ද්‍රිකාවේ අරමුණවූ අතර මෙම චන්ද්‍රිකාව මගින් ජපානය සහ ශ්‍රී ලංකාව ආසන්නයේ ජයාරූප ලබා ගෙන ඇත. 

එම චන්ද්‍රිකාව මගින් ගන්නා ලද පළමු ජයාරූප පෙළ පහතින් දැක්වේ.

t

o

p