මහින්ද රාජපක්ෂ දෙමළ පක්ෂ ද ඇතුළුව පක්ෂ නායකයෝ හමුවෙති

August 6, 2019

විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවයි. 

දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයින් සමාජවාදි ජනතා පෙරමුණේ සාමාජිකයින් සමඟ එක්ව ඊයේ(05) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හමුවිය.

එහිදී අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ,  උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් මෙලෙස මහින්ද මහතා හමුවී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කථා කල බවයි.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේකෂකයාට සහය ලබා දීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල හා ඔවුන්ගේ ඇති ප්‍රශ්න පිළිබද සාකච්ඡා කළ බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

පක්ෂයේ අපේක්ෂකයා අගෝස්තු 11 පවසන බවත්, විකල්ප හෝ වෙනත් අපේක්ෂකයෝ නොමැති බවත් මහින්දානන්ද මහතා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ, පොහොට්ටුවේ වැඩ අවසන් බවත් දැන් තියෙන්නේ ප්‍රකාශ කිරීම පමණක් බවද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කරමින් යන බවත්, දිනුම ලබන විට තම පැත්තට බොහෝ අය එන බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.
 

t

o

p