පාස්කු ප්‍රහාර කමිටුව හමුවේ හෙට අගමැති, සාගල, රංජිත් හා රුවන් සාක්කි දෙයි

August 5, 2019

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට(06) යළි රැස්වීමට නියමිතය.

හෙට පස්වරු 02.00ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ වන අතර එදින සාක්ෂි  විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් කැඳවා ඇති බව කාරක සභා ප්‍රකාශකවරයෙකු සඳහන් කළේය.

එම සාක්ෂි විමසීම්වලින් අනතුරුව පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස අවසන් සති දෙක තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

t

o

p