Local News

කටුනායකට ගෙන්වූ රොබෝවරු

මෙරට ඉතිහාසයේ පළමුවරට පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත ප්‍රවේශ ශාලාව තුළ රොබෝ යන්ත්‍ර දෙකක් සවිකිරීමට කටයුතු කර ඇත. මෙම රොබෝ යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කර ඇත්තේ චීනයෙන්.

ශ්‍රී.ල.පො.පෙ පාර්ශවයෙන් තවමත් කෙණෙහිලිකම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් තවමත් කෙණෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. තත්වය කෙසේ වුවද රට ගැන සිතා ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

තැපැල් ඡන්ද විමසීම ඉතා සාමකාමීයි

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ ඊයේ සහ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදා තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි. කැෆේ සංවිධානය විසින් සිදුකළ  ජංගම නිරීක්ෂණ වලදී  ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ඇතැම් තැන්වල නීති විරෝධී ලෙස පෝස්ටර් අලවා තිබීම නිරීක්ෂණය වී ඇති අතර, ඊට අමතරව  කිසිදු සිදුවීමක් වාර්තා නොවුණු බව Read More

හිටපු ජනාධිපතිනී හා එ.ජා.පෙ අතර අවබෝධතා ගිවිසුමක්

ජනපතිවරණයේදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට එළැඹිම අද (01) සිදු කෙරේ. එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර ගිවිසුමට අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද පෙරවරුවේ සිදු කෙරේ. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ Read More

ඡන්දෙ දාලා ඡායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කලොත් අවුරුදු 3ක් හිරගෙට

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි. ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමටද සිදු වන බව මැතිවරණ Read More

මේ ඇමට ධීවරයෝ ගොදුරු වියයුතු නෑ!

ධීවරයන් බිලීබා ගන්න අවස්ථාවාදී දේශපාලන බලවේග යොදන ඇමට ගොදුරු නොවීමට ධීවරයන් සැලකිලිමත් විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ මාතර, ගන්දර, දෙල්ගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය. ලංකාවේ සුළු පරිමාණ ධීවරයා විනාශ කර දැවැන්ත බහුජාතික සමාගම් වලට සාගරය අත්පත් කර දීම මේ හැම ආණ්ඩුවකම වැඩපිළිවෙල බැවින් ධීවරයන්ට වැනසී යාමෙන් Read More

සමාජ මාධ්‍ය අවභාවිතය පිලිබදව පැමිණිලි 150 දක්වා ඉහළට

සමාජ මාධ්‍ය අඩවි අවභාවිතා කිරීම් පිලිබදව පැමිණිලි 162ක් per.itssl@gmail.com යන විද්‍යුත් තැපැල්  ලිපිනයට මේ දක්වා ලැබී ඇත. ඉන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 66ක් ලැබි ඇති අතර වාර්තා කිරීම් 6ක් ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයන් භාවිතා කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය සිදුකිරීම සම්බන්ධයෙන්ද, වාර්තා කිරීම් 41ක් ජනාධිපති අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් Read More

වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරියට

වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම සිදුවිය. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි. පැවරුම් සහතිකය වෙත ජනාධිපතිතුමා විසින් අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ඒ සමගම හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි. Read More

රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ උත්සාහයන් ගෙන ගිය කණ්ඩායම් දෙකට නිසි පිළිතුරක් දෙමු

මේ රටේ රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ මැදිහත්වූ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සටන්කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔවුන් ආමන්ත‍්‍රණය කිරීමේ විශේෂ වගකීමක් අපට තිබෙනවා. විශේෂයෙන්ම හෙට(31) සහ අනිද්දා පැවැත්වෙන තැපැල් ඡන්දයෙදි මේ රටේ රාජ්‍ය සේවකයන් ජනාධිපතිවරයකු පත්කිරීමට ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතයි. ඔබ දන්නවා මේ රටේ රාජ්‍ය සේවය හැකිලීම සඳහා පසුගිය Read More

හීලෑ අලි ඇතුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක්

හීලෑ අලි ඇතුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් සහ නීති පද්ධතියක් සැකසීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී යෝජනා වී තිබේ. අදාළ කෙටුම්පත සකස් කර එය ඉක්මනින් අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් වෙත උපදෙස් Read More

t

o

p