වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම සිදුවිය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. පැවරුම් සහතිකය වෙත ජනාධිපතිතුමා විසින් අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
ඒ සමගම හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි.
මෙම සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා රජයට අයත්වන අතර හෙක්ටයාර 116 ක ඉඩම් තුන්වන පාර්ශවය වෙත ආයෝජනය කිරීම සඳහා 99 අවුරුදු බදු දීමේ අයිතිය චීන සමාගම වෙත පැවරෙනු ඇති. මෙම බදුදීම සිදු කරනුයේද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ අනුමැතියට යටත්වය.
මෙලෙස බදු දෙන ඉඩම්වල තුන්වන පාර්ශවය විසින් කරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් පමණ වනු ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ, චීන තානාපති ෂෙං ෂුයැං, චෙක් පෝට් සිටි පෞද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ ජියැං හූලියැං යන මහත්වරුන් සහභාගී වූහ.