සිංහයින් කැන්ගරුවන්ට හිස නමයි

October 30, 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (30) පස්වරු 1.40ට බ්‍රිස්බේන්හීදි පැවැත්වූ අතර තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදීම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් විය.

කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 117 ක් පමණි.

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ පන්දුවාර 13 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි 20 තරගාවලියක් පරාජයට පත් වූයේ වසර 3 කට පසුව වීම විශේෂත්වයකි.

දෙරට අතර 3වන සහ අවසන් පන්දුවාර විස්සයි 20 තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත යි.

t

o

p