සමාජ මාධ්‍ය අඩවි අවභාවිතා කිරීම් පිලිබදව පැමිණිලි 162ක් per.itssl@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට මේ දක්වා ලැබී ඇත. ඉන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 66ක් ලැබි ඇති අතර වාර්තා කිරීම් 6ක් ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයන් භාවිතා කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය සිදුකිරීම සම්බන්ධයෙන්ද, වාර්තා කිරීම් 41ක් ජනාධිපති අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන්ද, වාර්තා කිරීම් 43ක් වෛරී ප්‍රකාශ බෙදාහැරීම සම්බන්ධයෙන්ද, ජනාධිපති අපේක්ෂකයෙකුගේ නාමය යොදාගනිමින් නිර්මාණය කරනලද ව්‍යාජ වෙබ් ලිපිනයක් සම්බන්ධයෙන් 1ක් වාර්තා කිරීමක්ද සම්බන්ධයෙන් වේ.
ලද පැමිණිලිවලින් පැමිණිලි 139ක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියයෙහි පලවූ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලැබි ඇති අතර පැමිණිලි 23ක් යූ-ටියුබ් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පලවී තිබෙන අන්තර්ගතයන් පිලිබදව ලැබි තිබේ.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අඩවි වල සිටින පරිශීලකයින් විශාල වශයෙන් අසත්‍ය පුවත් හා වෛරී ප්‍රකාශ අඩංගු අන්තර්ගතයන් (පොස්ටු සහ වීඩියෝ පට) සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල හුවමාරු කරගැනීමේ වර්ධනයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.
සාමාකාමී මැතිවරණයක් පවත්වාගැනීම උදෙසා සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත වෛරී ප්‍රකාශන,අසත්‍ය පුවත් මුදාහැරිම සහ එවැනි අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවී තුල හුවමාරු කරගැනීමෙන් වැලකී සිටීම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වගකීමක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.