ඡන්දෙ දාලා ඡායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කලොත් අවුරුදු 3ක් හිරගෙට

October 31, 2019

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමටද සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

t

o

p