හිටපු ජනාධිපතිනී හා එ.ජා.පෙ අතර අවබෝධතා ගිවිසුමක්

November 1, 2019

ජනපතිවරණයේදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට එළැඹිම අද (01) සිදු කෙරේ.

එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර ගිවිසුමට අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද පෙරවරුවේ සිදු කෙරේ.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිතය.

t

o

p