වාර්තා පොත අලුත් කරන ශ්‍රී ලංකා කණ්ඩායම

October 31, 2019

ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් හමුවේ කිසිදු චකිතයකින් තොරව පිතිහරඹයේ නිරතවූ නායක ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් දෙවැනි කඩුල්ලට ලකුණු 117ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් ඊයේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ඔස්ට්‍රේලියාවට අත්කර දුන්හ.

ඒ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීමට ද ඔස්ට්‍රේලියාව සමත්වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු භූමියේ විස්සයි20 තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙස වාර්තා පොතට එක්විය.

තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය නොවැම්බර් 1දා මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි.

t

o

p