Local News

පළාත් සභාවල ස්ත්‍රී නියෝජනය 25% දක්වා ඉහළට

දේශපාලන, සමාජයීය, ආර්ථික හා පරිපාලන ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී දායකත්වය ඉහළ නැංවීමටත්, ස්ත්‍රීන් මුහුණ දෙන තවමත් නොවිසඳුණු ගැටළු සඳහා විසඳුම් ලබා දීමටත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ පූර්ණ අවධානය යොමු කර ඇති බවත්, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සජිත්ගේ සමාජ විප්ලවයේ ප්‍රධාන අංගයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බේරුවල හා නුගේගොඩ පැවති ජනාධිපතිවරණ රැළි අමතමින් වික්‍රමසිංහ Read More

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත්ට

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට  දෙමළ ජාතික සන්ධානය ඊයේ (03) ඒකමතිකව තීරණය කරනු ලැබීය. දෙමළ ජාතික සන්ධානය විසින් කරනු ලැබු ඉහත තීරණය ඇතුළත් නිල නිවේදනය අද (04) නිකුත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. නව Read More

බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම නවත්වයි

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද රැස්වීමට සහභාගි වීමට පැමිණි අතර රැස්වීම අතරමග නවතා දැමූ නිසා චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණි පිරිස සමග සුහද කථාබහක යෙදී රැස්වීම් භූමියෙන් පිටව ගියේය. පොලිසිය පැවසුවේ අදාල රැස්වීම සඳහා පොලිසියෙන් නිසි Read More

රටක් ජයග්‍රහණය කරා මිස පරාජයට ගමන් නොකළ යුතුයි

රටක් ජයග්‍රහණය කරා මිස කිසිදු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා අද දවසේ ඉටු කිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු බව අවධාරණය කරයි. තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වලට එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා Read More

ෆේස්බුක් සාදයක් වටලයි

දෙහිවල හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයක් වටලා එයට පැමිණි සැකකරුවන් 100ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 18-48ක් වන අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල, පොලොන්නරුව යන ප්‍ර දේශවල පදිංචිකරුවෝ වෙති. කේරළ ගංජා, බියර්, මත් මුද්දරයක්, නීති විරෝධී මත්වැටි මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

TNA සහය සජිත්ට ලැබෙන ලකුණු

දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇතයි විශාවාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කලේය.

දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍යත්‍රාත්ත්‍රිකයා කරු ජයසුරිය

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි. ගෞරව සම්මානය, ඉන්දියාවේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී Read More

තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට පැමිණී අවස්ථාවේ එම  ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බව පොලිසිය කියයි. සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන Read More

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

2019 ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාල්‍යාධිපති පවසයි. මේ වනවිට මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි. ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න බවද සදහන් කරයි.

නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දමයි

නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම පාලමේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ. හයිලෙවල් මාර්ගයේ සාමාන්‍ය මංතීරුවල රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි

t

o

p