බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම නවත්වයි

November 3, 2019

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද රැස්වීමට සහභාගි වීමට පැමිණි අතර රැස්වීම අතරමග නවතා දැමූ නිසා චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණි පිරිස සමග සුහද කථාබහක යෙදී රැස්වීම් භූමියෙන් පිටව ගියේය.

පොලිසිය පැවසුවේ අදාල රැස්වීම සඳහා පොලිසියෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත රැස්වීම නැවැත්වීමට සංවිධායකයින්ට දැනුම් දුන් බවයි.

t

o

p