දේශපාලන දැන්වීම් තහනම් කිරීමට ‘ට්විටර්‘ සූදානම්

November 3, 2019

සියලුම දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය සූදානම් වේ. එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි කියා සිටින්නේ, අන්තර්ජාල දැන්වීම්කරණය ප්‍රබල අවදියක මෙම තහනම් කිරීම දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.  

මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධව විවිධ අදහස් පළවී ඇත. ඇතැම් අය මේ පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් ඇතැමුන් මෙම තීරණය විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

 අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙලේ කළමනාකරු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කිරීමට ට්විටර් ආයතනය මෙම පියවර ගෙන ඇති බවය.

t

o

p