දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත්ට

November 4, 2019

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට  දෙමළ ජාතික සන්ධානය ඊයේ (03) ඒකමතිකව තීරණය කරනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානය විසින් කරනු ලැබු ඉහත තීරණය ඇතුළත් නිල නිවේදනය අද (04) නිකුත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදි සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානයේ සියළු පක්ෂ ඒකමතිකව තීරණය කිරීම සුවිශේෂි කරුණක් යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය අනුව උතුරු නැගෙනහිර පළාත්වලත් ද්‍රවිඩ ජනතාව ජිවත් වන දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ජනතාව වෙත විශේෂ ජනාධිපතිවරණ පණිව්‍රඩයක් නිකුත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය ක්‍රියාකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ සුමන්තිරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අංජුල මහික වීරරත්න

t

o

p