කිලිනොච්චියේ පැවැති එ.ජා.පෙ රැස්වීම

November 4, 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරී‍ම සඳහා කිලිනොච්චියේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාව.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්, එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

t

o

p