තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

November 2, 2019

කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට පැමිණී අවස්ථාවේ එම  ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බව පොලිසිය කියයි.

සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන දෙකක් ද වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

t

o

p