Local News

එ.ජා.ප ය දෙකඩ නෙකරන්නැයි ත්‍රෛනිකායික මහාසංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට අවවාද කරයි

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම සඳහා කිසිවිටෙක දායක නොවන්නැයි ත්‍රෛනිකායික මහාසංඝරත්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවවාද කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු -අස්ගිරි ,රාමඤ්ඤ  සහ අමරපුර මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේදී මෙම අවවාදය කර ඇත . සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් 16 සහ 17 යන දෙදින තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමි , Read More

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ලබන ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.   ශ්‍රී ලංකා ජල තීරය තුළ මසුන් සහ ජලජ සම්පත්වලට Read More

රන්ජන්ගේ ඇප ඉල්ලීම ඉවතට

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා ප්‍රතික්ෂේප කර තිබේ. කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇති Read More

සජිත් නායකා වූවොත් මහ මැතිවරණ ප්‍රතිඵලය

ගෝඨාභය ට දකුණේ ජන්ද 66% ක්සජිත්ට 44% ක් වෙනස 22% ක් ජනාධිපතිවරණයේදී දකුණු පලාතේ (ගාල්ල,මාතර, හම්බන්තොට දිස්ත්‍රික් ) ජන්ද  ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් වැඩි ජන්ද සංඛ්‍යාවට වඩා සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව අඩු බව හෙළි වී ඇත ජනාධිපතිවරණයේදී දකුණු පලාතේ ජන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාවට වඩා ගෝඨාභය Read More

අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙන් චන්ද්‍රිකා ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කර තිබේ. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් මේ බව පවසා සිටියේය.

රන්ජන් හිස මුඩුකරයි

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා හිස මුඩුකර එහි ගතකරන බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. රන්ජන් රාමනායක මහතා රඳවා සිටින ‘පී’ වාට්ටුව තුළ තවත් රැඳවියන් දෙදෙනකු රඳවා සිටින බවත් එම වාට්ටුවේ රඳවනු ලබන්නේ විශේෂ ආරක්‍ෂාව සැපයීමට අවශ්‍ය රැඳවියන් පමණක් බවත් එම ආරංචිමාර්ග පවසයි. රන්ජන් රාමනායක මහතා පෙරේදා (15) සවස බන්ධනාගාරයට Read More

සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළකරයි

ඊයේ (16)සවස පැවැති කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර ගත යුතු බවට කැමැත්ත පළ කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත පරිදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග Read More

අඩු ආදායම්ලාභීන්ට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක්

අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සෑම හිමිකම්ලාභිකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.  අවසන් අදියරේ පවතින අතර ජනවාරි 20ට පෙර අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධි ලාභී පවුල්වල සාමාජිකයන් Read More

එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.

මන්ත්‍රී රන්ජන් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

අද පස්වරුවේ, නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 Read More

t

o

p