රන්ජන් හිස මුඩුකරයි

January 17, 2020

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා හිස මුඩුකර එහි ගතකරන බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

රන්ජන් රාමනායක මහතා රඳවා සිටින ‘පී’ වාට්ටුව තුළ තවත් රැඳවියන් දෙදෙනකු රඳවා සිටින බවත් එම වාට්ටුවේ රඳවනු ලබන්නේ විශේෂ ආරක්‍ෂාව සැපයීමට අවශ්‍ය රැඳවියන් පමණක් බවත් එම ආරංචිමාර්ග පවසයි.

රන්ජන් රාමනායක මහතා පෙරේදා (15) සවස බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ රැඳවියන් ආහාර ලබාගන්නා වේලාව අවසන්ව තිබීම නිසා රාත‍්‍රිය නිරාහාරව ගතකිරීමට සිදුවී තිබේ. ඊයේ උදෑසන ආහාර වේලට පෙර හෙතෙම බන්ධනාගාර නිලධාරියකු මාර්ගයෙන් බිස්කට් පැකට්ටුවක් ගෙන්වා ගෙන ආහාරයට ගෙන තිබේ. තමාට ගැස්ට‍්‍රයිටීස් රෝගය නිසා නිරාහාරව සිටීම අපහසු බව ඔහු එම නිලධාරියාට පවසා ඇතැයිද වාර්තා වේ.

t

o

p