සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළකරයි

January 17, 2020

ඊයේ (16)සවස පැවැති කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර ගත යුතු බවට කැමැත්ත පළ කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත පරිදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කරන බව කී මද්දුම බණ්ඩාර මහතා, ඉදිරි දින කීපයේදී මේ තීරණය පිළිබඳ සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කර අගමැති අපේක්ෂක ලෙස ද ප්‍රේමදාස මහතා පත් කර ගැනීමට කටයුතු කරන බව කීවේය.

පක්ෂ නායකත්වය තෝරා පත් කර ගැනීමේ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ, එකඟතාවයකින් තොරව රැස්වීම අවසන් වූ අතර, අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන සඳුදා හෝ අඟහරුවාදා නැවත වරක් හමුවක් කැඳවීමට තීරණය වූ බව කීය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන් එලෙස හමුවී සාකච්ඡා කර තීරණයක් ගැනීමට යෝජනා වූ බව ද පක්ෂ මහා ලේකම්වරයා සඳහන් කළේය.

t

o

p