අඩු ආදායම්ලාභීන්ට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක්

January 16, 2020

අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සෑම හිමිකම්ලාභිකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 

අවසන් අදියරේ පවතින අතර ජනවාරි 20ට පෙර අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධි ලාභී පවුල්වල සාමාජිකයන් සහ සුදුසුකම් ලබන එහෙත් සමෘද්ධි සහනාධාරය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකායේ අරමුණ වේ.

එවැනි පවුල්වල ශ්‍රම බළකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි මාස 06ක පුහුණුවකින් පසු ස්ථීර රැකියා අවස්ථා ලබාදේ. පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාවක නියුක්ත කිරීම විශේෂත්වයකි.

t

o

p