ලොව පළමු ජෛවීය රොබෝ

January 16, 2020

ඉතා අසීරු ශල්‍යකර්මයන් සඳහා භාවිත කළ හැකි රොබෝ තාක්ෂණය තුළ දැවැන්ත විප්ලවයක් ඇතිකරමින් ලොව පළමු ජෛවීය රොබෝවන් ලොවට හඳුන්වාදීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා සමත් වූහ.

ස්වයංව සුවපත්වීමේ විශිෂ්ට හැකියාවෙන් යුතු මෙම රොබෝවන් නම්කොට ඇත්තේ සෙනෝබොටිස් නමිනි. සෙනෝයේ ලාවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ශුක්‍රාණු සෛල භාවිතයෙන් නිපදවා ඇති මෙම රොබෝවන් ප්‍රමාණයෙන් දශම බින්දුවයි හතරක් (0.4) තරම් කුඩා වේ.

මෙම ක්ෂූද්‍ර රොබෝවන් යොදාගෙන මිනිස් දරු කළලවල විකෘතීන් නිවැරදි කිරීම, හානියට පත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පිරියම් කිරීම වැනි සුවිශේෂී කාර්යයන් කළ හැකි බව මෙම පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයන් පවසයි. 

t

o

p