ක්ෂේත්‍ර රැසක ආයෝජනට ජපානය කැමැත්ත පළ කරයි

January 16, 2020

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto)  මහතා පවසයි.

ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළයි. එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බව ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කාර්මාන්තයන්හි ආයෝජන අවස්ථාවන් මෙරටට ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිළිගනිමින් කොසෝ යමමොතෝ මහතා කියා සිටියේය.

t

o

p