එ.ජා.ප ය දෙකඩ නෙකරන්නැයි ත්‍රෛනිකායික මහාසංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට අවවාද කරයි

January 18, 2020

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම සඳහා කිසිවිටෙක දායක නොවන්නැයි ත්‍රෛනිකායික මහාසංඝරත්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවවාද කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු -අස්ගිරි ,රාමඤ්ඤ  සහ අමරපුර මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේදී මෙම අවවාදය කර ඇත .

සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් 16 සහ 17 යන දෙදින තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමි , වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමි, නාපාන පේමසිරි රාමඤ්ඤ නිකායේ මහ නා හිමි සහ කොටුගොඩ ධම්මාවාස අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමි බැහැ දුටුවේය.

එහිදී සජිත්  ප්‍රේමදාස මහතා වෙත අනුශාසනා කරමින් මහනාහිමිවරුන් පවසා ඇත්තේ ජාතියේ පියා වන මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා විසින් අරඹන ලද අභිමානවත්වත් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන ලෙසයි.කක්ෂයක් කැඩීමෙන් රටට වන යහපතක් නැති බවත් එවැනි ක්‍රියා   ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් මහ නාහිානාහිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවල මහා සංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට අනුශාසනා කරමින් සඳහන් කර ඇත .

මහා සංඝ සංඝරත්නයේ අවවාද අනුශාසනා තමන් ඉහළින් පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය .

t

o

p