නිවාස අධිකාරියේ කෝටි 33ක ගැහිල්ලක් මාට්ටුවෙයි

January 18, 2020

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ඒවා බෙදා හරින්නේ නැතිව නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ ගොඩ ගසා තිබෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

එවකට රුපියල් කෝටි 33ක් වැයකොට නිවාස 5900කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති බවට තොරතුරු හෙළිවුවද එම මුදල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස අරමුදලට බැර කළා නම් තවත් නිවාස 677ක් ඉදි කළ හැකි බවද පැවසෙයි.

එදා ගම්මාන සෑදීමේදී අත්කම් නිවාස ගම්මානයක ගෙවල් 100ක් 150ක් වැනි ප්‍රමාණයක ගම්මාන ඉදි කළේ. නමුත් පසුගිය වසර හතරක කාලය තුළ ගම්මාන කියා ඉදි කළේ එක් ගම්මානයක උපරිමය ගෙවල් 25 කුත් අවමය ගෙවල් 07 කුත්ය.

එවැනි ගම්මාන එක්ක බැලුවොත් මේ ගෙවල් 677න් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ගම්මාන 27ක් ඉදිකරන්න තිබුණා. නමුත් අද සිදුවෙලා තිබෙන්නේ නිවාස ඉදිකිරීම නොව තම සිහිනය ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ ක්‍රමයක්.

රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඉටුවී නැහැ. කිහිප දෙනකුගේ සාක්කු පුරවා ගැනීම සඳහා සහ එක පුද්ගලයකුගේ සිහිනයක් ඉටු කර ගැනීම සඳහා පසුගිය වසර හතර හමාර තුළ විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

t

o

p