සජිත් නායකා වූවොත් මහ මැතිවරණ ප්‍රතිඵලය

January 17, 2020

ගෝඨාභය ට දකුණේ ජන්ද 66% ක්සජිත්ට 44% ක් වෙනස 22% ක්

ජනාධිපතිවරණයේදී දකුණු පලාතේ (ගාල්ල,මාතර, හම්බන්තොට දිස්ත්‍රික් ) ජන්ද  ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් වැඩි ජන්ද සංඛ්‍යාවට වඩා සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව අඩු බව හෙළි වී ඇත

ජනාධිපතිවරණයේදී දකුණු පලාතේ ජන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාවට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් වැඩි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 6 ට අධිකය.

මේ බව හෙළි වී ඇත්තේ සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන් කණ්ඩායමක් විසින් ඉකුත් ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට බාරදුන් විශ්ලේෂණ වාර්තාවක් අනුවය.

උතුරු නැගෙනහිර හැරුණු කොට අනෙකුත් පළාත් හතෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 66 ක ජන්ද ප්‍රතිශතයක් ලබාගනිද්දී සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇත්තේ සියයට 44 ක ජන්ද ප්‍රතිශතයක් බව ද පක්ෂ නායකයින්ට දුන් ඉහත විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ .
ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් කළ මෙම විශ්ලේෂණ වාර්තාව ජනාධිපතිවරණය ට තරග කළ සියලු පක්ෂ නායකයින්ට දීමට ද මෙම විද්වත් කණ්ඩායම පියවර ගෙන තිබේ .

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අඅපේක්ෂකයාට උතුරු – නැගෙනහිර ජන්ද නොලැබීමේ පැහැදිලි වෙනස මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපෙක්ෂකයා ට දකුණේ ජන්ද ප්‍රබලව අඩුවීමත් මෙම වාරතාවේ සවිස්තරව දක්වා තිබේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සුළු ජාතික ජන්ද නොලැබීම ගැන පෙන්වා දෙන ඉහත වාර්තාව එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට දකුණේ සිංහල බෞද්ධ ජන්ද මෙන්ම මධ්‍යම පාන්තික ජන්ද අඩුවීම ගැන ද දක්වා ඇත.

t

o

p