මන්ත්‍රී රන්ජන් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

January 15, 2020

අද පස්වරුවේ, නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේ, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලබන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.

t

o

p